ජනකගේ කතාව කංචන ඇඟට ගනී

560

අඩු මිල ඉන්ධන කතා කරන්න ජනකත් මාත් කෝප් එකට කැඳවන්න
ඇමැති කංචන කෝප් සභාපතිගෙන් ඉල්ලයි

ඉන්ධන අඩු මිලට දිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා විෂය භාර ඇමැතිවරයා ලෙස තමා සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ද සමග මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා නැවත කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඉන්ධන මිලදී ගැනීමේ දත්ත පරීක්ෂා කිරීමට අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 250ත් 300ත් අතර මිලකට අලෙවි කළ හැකි යැයි ඉකුත් 06 වැනිදා පැවැති කෝප් කමිටුව හමුවේ දී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. මෙය මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවත් වහාම මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා තමා ඇතුළු ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවන ලෙසත් සිය ට්විටර් පණිවුඩය මගින් ඇමැති කංචන විජේසේකර ඉල්ලා තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment