ජනකගේ කාර්යාලයට සීල් තබයි

168

රාජ්‍ය විරෝධී දේ සිදුවන බවට චෝදනා!

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය කොල්ලුපිටිය පොලිසිය මගින් ඊයේ (16 වැනිදා) මුද්‍රතබා වසාදමන ලදී.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදෙන ලද නියෝගයකට අනුව කොල්ලුපිටිය පොලිසිය ඊයේ සවස එම කාර්යාලයට මුද්‍රා තැබීමට කටයුතු කළේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලය තුළ රජය අපහසුතාවට පත්වන රාජ්‍ය විරෝධී දේ සිදුවන බවට කොල්ලුපිටිය පොලිසිය මගින් කොටුව අධිකරණයට කරන ලද දැනුම් දීමකට අනුව එම කාර්යාලයට මෙසේ සීල් තැබීමට නියෝග ලැබී ඇත.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරතවී සිටින අතර ඒ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු ඔහුට අයත් නිල කාර්යාලය මෙසේ මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

කොල්ලුපිටිය මර්චන්ට් ටවර් හි පිහිටි මෙම කාර්යාලය සීල් තැබීමෙන් පසු ඊට ආරක්‍ෂාව ලබාදීමට ද පොලිසිය කටයුතු කර ඇත.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment