ජනකගේ කාර්යාලයේ රාජ්‍ය විරෝධී කිසිවක් නෑ

84

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයේ තිබූ ලේඛන සිය භාරයට ගෙන පරීක්‍ෂණ කළත් රජය අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී නැතැයි කොල්ලුපිටිය පොලිසිය ඊයේ (16 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත වාර්තා කළේය.

ජනක රත්නායක මහතා ඔස්ටේ්‍රලියා සංචාරය නිමකර ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු ඉදිරියේ දී මුද්‍රා ඉවත් කර එහි තිබූ ලේඛන 20ක් සහ ලිපි 2ක් සිය භාරයට ගෙන විමර්ශන සිදුකළ බවත් අධිකරණයට පැවසූ කොල්ලුපිටිය පොලිසිය කෙසේ නමුත් එකී විමර්ශන තවදුරටත් සිදු කරන බවද පැවසීය. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් නියෝගයක් අනුව කොල්ලුපිටිය මර්චන්ට් ටවර් හි පිහිටි ජනක රත්නායක මහතාගේ කාර්යාලයට පසුගිය 15 වැනිදා පස්වරුවේ මුද්‍රා තබා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment