ජනක පන්නා හෝ විදුලි බිල නග්ගන්න හදයි!

146

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කර හෝ විදුලි ගාස්තු ඉහළ දැමීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ අනුව සභාපතිවරයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් එය සම්මත කර ගැනීමට අවශ්‍ය බව ලංවිම පාලනාධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ වනවිට සියයට හැටපහකින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව කොමිසමට යොමු කර තිබුණත් ඊට සභාපතිවරයා අවසර ලබාදී නැත.

මේ වනවිට විදුලිබල මණ්ඩලයට හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහා භාණ්ඩාගාරය හෝ රාජ්‍ය බැංකු දෙක මගින් මුදල් ලබාදීම නතර කර දැමීමට පියවර ගෙන තිබේ.

පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු ඉහළ දැමීම අත්‍යවශ්‍ය බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොමිසමේ සභාපති හැර සෙසු සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට බ්‍රහස්පතින්දා (19 වැනිදා) කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.

ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment