ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත දීමට ජනපතිගෙන් පුළුල් වැඩපිළිවෙළක්

90

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප‍්‍රතිශතයකට කොවිඞ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (9 දා* පැවති කොවිඞ් මර්දන විශේෂ කමිටුවට පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. කොවිඞ් පැතිර යෑමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ති‍්‍රක්කයන්ට ප‍්‍රමුඛතාව දෙමින් ජූලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත‍්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ජූලි 11 වන දින ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ති‍්‍රක්කයට ලක්‍ෂ දෙකක්, ගම්පහට ලක්‍ෂ පහක් සහ කළුතරට ලක්‍ෂ තුනක් බැගින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලූ දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
 
 එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඞ් මර්දන විශේෂ කමිටුව සමග ඊයේ (09 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
 
 ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ති‍්‍රක්ක සඳහා එන්නත් ලක්‍ෂය බැගින් සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයට එන්නත් ලක්‍ෂ දෙකක් වෙන්කර තිබේ. මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ වෙත අවධාරණය කරනු ලැබීය.
 
 ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මිලයන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතය. ඉන් ලක්‍ෂ හයක් පළමු මාත‍්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ති‍්‍රක්කයට වෙන් කෙරේ. ඉතිරිය කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පළමු සහ දෙවන මාත‍්‍රා සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
 
 මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ති‍්‍රක්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ති‍්‍රක්කයටත් ලබාදීමට සැලසුම් කර ඇත. ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඞ් පැතිර යෑමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විiානුකූල ක‍්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කෙරිණි.
 
 මේ වන විට සැලකිය යුතු ප‍්‍රතිශතයකට එන්නත්කරණය සිදුව ඇති නිසා ආර්ථික කි‍්‍රයාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡුාවට ලක්විය.
 
 අමාත්‍යවරුන් වන පවිත‍්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, ප‍්‍රසන්න රණතුංග, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප‍්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

advertistmentadvertistment
advertistmentadvertistment