ජනගහනයෙන් 45% ක් කෑම කන වාර අඩු කරලා

161

රසායනික පොහොර තහනමෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම සහ ආර්ථික අර්බුය නිසා ජනගහනයෙන් සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර ඇතැයි ද තවත් සියයට 38 ක් ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇතැයිද වාර්තා වේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණවලට අනුව මේ බව හෙළිවී ඇත.

මෙම වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් සියයට 86 ක් තම ආහාර සඳහා යොදාගන්නා වෑංජන ප්‍රමාණය අඩුකර ඇත. තවත් සියයට 75 ක් යොදාගන්නා වෑංජන ප්‍රමාණය අවම කර තිබේ.

2021 සහ 2022 වසරවල ගෘහස්ථ එළවළු පරිභෝජනය ගත් කළ කොහිල වෑංජන සඳාහා යොදා ගැනීම සියයට 45 දක්වා ඉහළ ගොස් ඇත.

වැඩි දෙනෙක් අවටින් සොයාගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාර සඳහා යොදාගෙන තිබේ.

ඒ අනුව බෝංචි පරිභෝජනය සියයට 30 කින්ද කැරට් පරිභෝජනය සියයට 29 කින්ද, වට්ටක්කා පරිභෝජනය සියයයට 27 කින්ද වම්බටු පරිභෝජනය සියයට 27 කින්ද කොළ සහිත එළවළු පරිභෝජනය සියයට 10 කින්ද පහත වැටී ඇත.

මේ අනුව නාගරිකව සියයට 25 ක්, ග්‍රාමීය අංශයේ සියයට 3 ක් හා වතු අංශයේ සියයට 7 ක පිරිසකට ප්‍රෝටීන් බහුල ආහාර නොලැබී ඇත.

එසේම ජනගහනයෙන් සියයට 56 ක් යකඩ සහිත ආහාර වන මස්, මාළු පරිභෝජනය කර නැතයිද මෙම සමීක්‍ෂණයට අනුව හෙළිවී තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment