ජනතාවගේ කෑම වේල තීරණයත් ආණ්ඩුව අරන් – සජිත් කියයි

80

ජනතාව කෑමට ගත යුතු ප‍්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්, පෝලිම් යුගය සහ සලාක යුගය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

දරුවාට කිරි ටිකක් ගන්නට දෙමව්පියන්ට පෝලිම්වල රස්තියාදු වන්නට සිදුව ඇති බවත්, රජය අත්‍යවශ්‍ය භාණ්ඩ සීමා කොට ඇති බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා, ජනදුක නොහඳුනන ආණ්ඩුවේ ලැජ්ජා බය නහර නැති බව ද, මේ කෙටි කාලය තුළ ආණ්ඩුව විසින් මුළු රටම බරපතළ අගාධයකට තල්ලූ කොට ඇති බව ද පැවසීය. ආනමඩුව ආසන සහාය සංවිධායක අනුෂ්ක ප‍්‍රියශාන්ත මහතාගේ පල්ලම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට 08දා පෙරවරුවේ එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment