ජනතාවගේ හූ හඬ පසුපස සී.අයි.ඞීය ලූහුබැඳීම කනගාටුවක් – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

188

ජනතාවට දරාගන්න බැරි පීඩනය සහ කෝපය රට කරවන ඇත්තන්ට එරෙහිව ‘හූ’ කියමින් ප‍්‍රකාශ කරද්දී ආණ්ඩුව ඔවුන් පසුපස හඹා ගොස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නට තරම් පහත් මට්ටමකට වැටීම කනගාටුදායක බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

 මුදල් මාරුවීමක් නිසා ගෑස් ප‍්‍රශ්නය සති කිහිපයකට විසඳන්න බැරි බව ආණ්ඩුවේ නියෝජිතයන් පවසන බවත් මාරු වී ඇත්තේ ආණ්ඩුවේ මුදල් බවත් ගෑස් පිපිරීම් ඛේදවාචකයේ නිර්මාතෘවරුන් දෙදෙනා විෂය භාර ඇමැතිවරු බවත් එදා ඔවුන් බොරු කියා අද ඔවුන් වෙනුවෙන් ගෑස් සමාගමේ සභාපති බොරු කියන බව ද පේ‍්‍රමදාස මහතා කොලොන්නාව ආසනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැත්වූ උත්සවයකට එක්වෙමින් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment