ජනතාවට වස සහල් කැවීමේ  අපරාධයට ඇමැති හා  රජය වගකිව යුතුයි – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

145

මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ත්ව ආහාර සඳහා පමණක් සුදුසු යැයි කෘෂිකර්ම ඇමැතිවරයා පැවසූ සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ හයකට වැඩි ප්‍රමාණයක් රටේ ජනතාවගේ ආහාරය සඳහා එක් කරමින් සිදු කළ අපරාධයේ වගකීම කෘෂිකර්ම ඇමැතිවරයා සහ රනිල් වික්‍රමසිංහ රජය භාරගත යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කරයි.

ගෙන්වනු ලැබූ අදාළ සහල් තොගය සම්බන්ධ ගැසට් නිවේදනය වෙනස් කරමින් එම සහල් සත්ත්ව ආහාර සඳහා පමණක් නිර්දේශ කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමැතිවරයා පැවසුවත්, මේ වනවිටත් එම වස සහල් තොගයෙන් වැඩි කොටසක් මෙරට ජනතා පරිභෝජනයට නිකුත් කර අවසන් බව ද එම සම්මේලනය සඳහන් කරයි.

රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර ලබා දෙන බවට පැවසූ රජය, දිනකට වස මිශ්‍ර සහල් කිලෝ ලක්ෂ හැටපහ බැගින් මසකට සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක් මේ වනවිටත් මුදල් අය කරමින් රටේ ජනතාවට ලබාදී අවසන් බවත්, මෙම වස මිශ්‍ර සහල් ගෙන්වීමට වැය කළ රටේ ඩොලර් සහ ජනතාවගේ මුදල් පිළිබඳව ද වගකීම භාර ගනිමින් රජය ජනතාවට වගඋත්තර බැඳිය යුතු බව ද එම සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා කියා සිටී.

මෙවැනි වස සහල් ගෙන්වා ජනතාවට ආහාර ලෙස ලබාදුන් රජය වස ගසා එළවීමට ජනතාව පියවර ගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment