ජනතාවට සහන දීමට – අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට රු. බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුවක්

154

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ පීඩා අවම කරමින් සහන සැලසීමට හා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අරමුදල් සපයා ගැනීම පිණිස රුපියල් බිලියන 695 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයන්ට සහ රජයේ සේවකයන්ට රජය විසින් 2022 වසරේ හඳුන්වා දුන් සහන පැකේජය සඳහා වන වියදම් පියවා ගැනීම ද මෙමඟින් සිදු කෙරේ. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ‘අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම්’ ව්‍යාපෘතිය මගින් මෙම මූල්‍ය ප්‍රතිපාදන සලසා ගනු ලැබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment