ජනතාවට හීන් දාඩියයි කලන්තයයි දාන අයවැයක්

105

ආණ්ඩුව මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවට හීන් දාඩිය සමග කලන්තය දමන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

 එය පීඩාවට පත්ව ඇති ජනතාවගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ දමා ඇති අයවැයක් බවත් හෙතෙම කීවේය. මෙවර අයවැය මගින් ණය කන්දක් ජනතාවගේ හිසමතට පහත් කර ඇති බවත් කී හේරත් මහතා ඒ මගින් ජනතාව තව තවත් අමාරුවේ දමා ඇති බවටත් චෝදනා කළේය.

 අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා හෝ විශේෂ සැලකිල්ලක් මෙම අයවැය මගින් ලබාදී නැති බවත් ඉතිහාසයේ මෙන්ම මෙවර ද බදු ගැසීම සහ ණය ගැනීම අයවැයේ ප‍්‍රමුඛතාවය වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 වසර හැත්තෑ තුනක් තිස්සේ ඉදිරිපත් කර ඇති අය වැය රටේ ජනතාව වෙනුවෙන් හෝ රටේ අනාගතය ගොඩනැ`ගීම වෙනුවෙන් සැකසූ අයවැය නොවන බවත් සඳහන් කළ විජිත හේරත් මහතා මෙවර අයවැයේ ඇති එකම වෙනස වචන එහා මෙහා කිරීම පමණක් බවත් කියා සිටියේය.

 ‘මොළ හතක්’ ඇතැයි කී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැයේ තරම මෙය නම් රටේත් ජනතාවගේත් අනාගතය ඉතා කනගාටුදායක වනු ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩිදුරටත් ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

 සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment