ජනතාවට හුස්මත් නෑ පාලකයන්ට සැප – කාදිනල්තුමා කියයි

112

ජනතාවට හුස්ම ගැනීමටවත් බැරි තත්ත්වයකට පත්කර මහජන නියෝජිතයන් තම ආදායම් මාර්ග වැඩිකරමින් පසුවෙන බව ගම්පහ ඉඳිගොල්ල ශාන්ත ජූඩ් දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාවේ දේශනය සිදුකරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල්තුමා එසේ පැවසීය.

ජනතාව අද එදාවේල පවා සොයාගැනීමට දුක්විඳින බව ද ජීවනබර තවත් වැඩි වී ඇති බව ද කාදිනල්තුමා සඳහන් කළේය.

මෙම තත්ත්වය මැද මහජන නියෝජිතයන් තම ආදායම් මාර්ග රක්‍ෂණ අරමුදල් වැඩිකර ගනිමින් පසුවෙන බව ද කාදිනල්තුමා කීවේය.

ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා රටේ ජනතාවට සීනි බෝල පෙන්නලා රැවටිය නොහැකි බවත් රට මේ යන ගමන සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතුව ඇති බවත් කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment