ජනතාවාදී ‘22’ ට හැමෝම සහාය දෙන්න – ඇමැති විජයදාස

102

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය යනු ජනතාව ඉල්ලා සිටි ව්‍යවස්ථා සංශෝධනයක් බවත් එබැවින් එය සම්මත කර ගැනීමට සහාය ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට ගෞරවයෙන් ආරාධනා කරන බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පැවසීය.

ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන බව පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය සහ මග පෙන්වීම යටතේ ගෙන එන ලද මෙම සංශෝධනය ජනතා සුභ සිද්ධිය පතා අව්‍යාජව ගෙන එන ලද පනතක් බව ද හෙතෙම කීය.

මන්ත්‍රීවරුන් අතර විවිධ පරස්පර මතවාද තිබුණ ද මෙම සංශෝධනය මගින් ජනතාවට යහපතක් වන්නේ ද යන්න සලකා බලා තීන්දුවක් ගෙන පනතට සහාය දෙන මෙන් ඉල්ලා සිටින බව ද අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment