“ජනතාව අමතන මාධ්‍ය කලාව දිවයින” – ජනපති

181

‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ දශක හතරක් සම්පූර්ණ කරයි. ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය පිළිබඳ දැඩි අවධියකින් හා සංයමයකින් කටයුතු කළ වසර 40ක අභිමානය ඔබ පුවත්පත සතුය. එබැවින්, දිවයින ඉරිදා සංග‍්‍රහය පාඨකයා වැළඳගන්නේ ජාතියේ දිශානතිය පිළිබඳව වූ මාධ්‍ය භාවිතය ගැන ද හැගීමෙන් යුතුවය.

ශ‍්‍රී ලංකාවේ ස්වභාවික ව්‍යසන සහ වෙනත් අරගලවලදී මෙන්ම තිස් අවුරුදු යුද්ධය නිමා කළ මානුෂීය මෙහෙයුම කාලපරිච්ෙඡ්දයේ දී රට දෙස නිවැරදි දැක්මක් සහිතව ජනතාව පෙළ ගැස්වීමෙහිලා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ කළ සාධනීය මෙහෙවර පැසසිය යුතුය.

පොදු ජනතාවගේ සිතුම් පැතුම් හා බැඳුණු සංස්කෘතික අනන්‍යතා වාර්තාකරණය, අර්ථනිරූපණය, ඒත්තු ගැන්වීම ආදියෙන් මනාව ජනතාව ආමන්ත‍්‍රණය කිරීමේ මාධ්‍ය කලාව දිවයින නතු කර ගෙන තිබේ. ප‍්‍රකාශනයේ නිදහස් සීමාව, මහජනතාවගේ නිදහසට බාධා නොවන අයුරින් භාවිතයෙහි යෙදවීම ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ පුවත්පතේ දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. ශ‍්‍රී ලාංකේය පුවත්පත් කලාවේ පාඨක ජාලයට, නවමු ද්වාරයක් විවර කළ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ පුවත්පතේ හතළිස් වන සාංවත්සරයට මගේ සුබපැතුම් එක් කරන අතර, වඩාත් සුරක්‍ෂිත රටක් සඳහා ඔබ සිදු කරන මාධ්‍ය මෙහෙවර අගයමි.

ගෝඨාභය රාජපක්‍ෂ
ජනාධිපති
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය


දිවයින රටක් වෙනුවෙන් දිවැස් හෙඵෑ පත්තරේ – අගමැති

"ජනතාව අමතන මාධ්‍ය කලාව දිවයින" - ජනපති

ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සනිටුහන් කළ රටේ ජනපි‍්‍රය මාධ්‍යවේදීන් රැුසකගේ තිඹිරිගෙය වන ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට 40 වසරක් සපිරෙන මේ මොහොතේ සුබ පැතුම් එක් කරනුයේ හදපිරි සතුටිනි.

රටේ අනාගතය පිළිබඳ ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරික ඥානයකින් හෙබි උපාලි විජයවර්ධන මහතා විසින් ඇරඹි උපාලි පුවත්පත් සමාගම ජාතික වගකීම මනාව තේරුම් ගනිමින් ඉතා කෙටි කලක් තුළ ජනතාව අතරට සමීප විය.

‘‘දිවයින’’ විශේෂත්වය රටක් වෙනුවෙන් දිවැස් හෙළීමයි. අප දිවයින සමඟ දශක හතරක් පුරාවට සමීපව කටයුතු කළේ ඒ නිසාය. එදා මාධ්‍ය ලෝකයේ සිටි දැවැන්තයින් ‘‘දිවයින’’ට පදනම දැමූ අතර කෘතහස්ත කර්තෘවරයකු වන එඞ්මන් රණසිංහ මහතා ජාතියේ ගමන් මඟ සවිමත් කළ එම කණ්ඩායමේ නියමුවා ලෙස කටයුතු කළ බව අපි දනිමු. පුවත්පත් මුද්‍රණය සඳහා එකල පැවති නවතම ලිතෝ මුද්‍රණ තාක්ෂණය අත්හදා බලමින් ද එතෙක් මෙරට පැවැති සාම්ප‍්‍රදායික මාධ්‍ය ආකෘතිය උඩුයටිකුරු කරමින් ද අලූත්ම හැඩයකින් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ පාඨක හදවත් දිනා ගත්තේය. පාඨක ජනතාව වඩාත් උනන්දුවක් දක්වන දේශපාලන ලෝකයේ සැඟවුණ රස කතා ඇතුළත් දේශපාලන කොළමක් සිංහල පුවත්පත් කලාවට හඳුන්වාදීමේ ගෞරවය පවා හිමිවන්නේ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ ටය. එසේම සාම්ප‍්‍රදායික කතුවැකි කලාව පවා ‘‘දිවයින’’ නවමු මාවතකට ගෙනාවේය.

‘‘දිවයින’’ මෙතෙක් ආ ගමන් මඟ පුරාම රැඳී සිටියේ ජාතික මතවාදී දේශපාලන ප‍්‍රවාහයේ ය. එබැවින් ජාතික මතවාදයේ වේදිකාව බවට ‘‘දිවයින’’ පත්වූ බව මාගේ හැ`ගීමයි. හුදු ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙන් එහා යමින් ජාතියේ ගමන් මඟට ‘‘දිවයින’’ කළ අපරිමිත දිරිගැන්වීම 40 වසරක ගමන් මෙඟ්දී කිසිසේත් අමතක කළ නොහැකිය. මටත් මගේ දේශපාලනයටත් දිවයින මතවාදය කදිමට ගැලපුන බව නොරහසකි. ඒ මතවාදය රටේ මතවාදය බවට පෙරළීමට අප තැබූ පියවර මේ දක්වා ජනතාව වැළඳගෙන සිටින බව මාගේ විශ්වාසයයි.

දිවයින පුවත්පතේ නොනිමි ජාතික මෙහෙවරට ශක්තියක් වන ලක්මණි ආර්. වෙල්ගම, කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම මහත්ම මහත්මීහු ඇතුළු කර්තෘ මාණ්ඩලිකයින් ප‍්‍රමුඛ දිවයින කාර්ය මණ්ඩලයටත් එදා සිට මේ දක්වා ‘‘දිවයින’’ සමඟ රැඳී සිටින පාඨකයින්ටත් මාගේ සුභාශිංසන පිරිනමමි. පුවත්පත් කලාවේ සත්‍යයන්, මහජන විශ්වාසය සහ අපේකම මෙන්ම ජාතික වගකීම තවදුරටත් රැකගෙන තවත් බොහෝ කල් ජාතික මෙහෙවරේ නිරතවීමට ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ ඇතුළු උපාලි පුවත්පත් සමාගමට හැකිවේවා! යැයි මම ප‍්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
අග‍්‍රාමාත්‍ය
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය

advertistmentadvertistment
advertistmentadvertistment