ජනතාව ඇමතීමට ආ නවසීලන්ත අගමැතිනියට දියණියගෙන් බාධා

852

නවසීලන්තයේ අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් නව කොරෝනා මර්දන සීමාවන් පිළිබඳව නිවේදනය කිරීම සඳහා සිය ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ නිවසේ සිට සජීවී ලෙස රටේ ජනතාව අමතමින් සිටියදී ඇයගේ තුන් හැවිරිදි වියෙහි පසුවන දියණිය එම කථාවට දෙවරක් බාධා කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පුළුල් ප‍්‍රචාරයක් ලබා දී තිබේ.

ඉකුත් සඳුදා (08දා) රාත‍්‍රියේ ෆේස්බුක් ලයිව් උපාංගය හරහා රටේ ජනතාවට නව කොරෝනා මර්දන සීමාවන් පිළිබඳව සජීවී ලෙස විස්තර කරමින් සිටියදී නිදාගෙන සිටි අගමැතිනියගේ තුන් හැවිරිදි දියණිය මෙසේ දෙවරක් නැගිට විත් සිය මව ඇමතීම සිදු කර තිබේ. එම අවස්ථා දෙකෙහිදීම අගමැතිනි ආර්ඩන් සිය කථාව නවතා දමා නොමැති අතර කැමරාවෙන් පිටුපස බලමින් දියණිය වන නෙවේ හට ‘මේ නිදාගන්නා වේලාවයි. මම තව සුළු මොහොතකින් එන්නම්. එතෙක් නිදා ගන්න’ යැයි පවසා තිබේ. සිය දියණිය එම ස්ථානයෙන් ඉවත් වූ පසු තමා හා සජීවී ලෙස සම්බන්ධ වී ඇති ජනතාවගෙන් සිදු වූ බාධාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති නවසීලන්ත අගමැතිනිය නිදාගන්නා වෙලාවේදී මෙසේ අවස්ථා තුන හතරක් නින්දෙන් නැගිට යන දරුවන් ඔබලාටත් සිටිනවාදැයි ජනතාවගෙන් විමසා තිබේ. තමා මෙසේ ෆේස්බුක් ගිණුම හරහා ජනතාව සජීවීව ඇමතීමට තීරණය කරන ලද්දේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බවද ඇය පවසා තිබේ. නවසීලන්ත අගමැතිනිය චාම් හා නිහතමානී රාජ්‍ය නායිකාවක් ලෙස එරට ජනප‍්‍රියත්වයට පත්ව සිටින්නීය.

advertistmentadvertistment
advertistmentadvertistment