ජනතාව කලබල වෙන්න එපා – බිඳ වැටුණොත් අපි හදනවා

410

* ලංවීම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය

හදිසි විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් කඩිනමින් එය යථාවත් කිරීමට සියලූ කටයුතු යොදා ඇති බැවින් ජනතාව කිසිදු ආකාරයකින් කලබලයට පත්විය යුතු නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති නන්දික පතිරගේ මහතා ඊයේ (01 දා) ‘දිවයින’ට පැවසීය.

විදුලි පද්ධතිය භාරව සිටින ප‍්‍රධානීන් මෙන්ම ඉංජිනේරුවන්, විදුලි අධිකාරිවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි ඒ ඒ කාර්යයන් කරගෙන යන බවත් යම් හෙයකින් විදුලිබල බිඳවැටීමක් සිදුවුවහොත් කඩිනමින් එය යථාවත් කරන බව වගකීමෙන් සඳහන් කරන බවත් ඒ මහතා කීය.

එක්තරා අන්තවාදී පිරිසක් ආරම්භ කර තිබෙන වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සහාය නොදෙන විශාල පිරිසක් සිටින බව ද නන්දික පතිරගේ මහතා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment