ජනතාව දැන්  උනන්දුයි පෙරේදා ලක්ෂයක්  බූස්ටරය අරන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

130

පෙරේදා (01 වැනිදා) දිනයේ කොවිඞ් තුන්වැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලක්ෂයට ආසන්න පිරිසක් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.

පසුගිය කාලයට වඩා දැන් දැන් බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දක්වන බවද හෙතෙම කීය. රටේ සියලූම දෙනා නිසියාකාරව එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මුළු රටම ආරක්ෂා කර ගත ඇති අතර කොවිඞ් රැුල්ල වැඩිවීම පාලනය කරගත හැකි බව ද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කථා කළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙසේද කියා සිටියේය. පෙරේදා බූස්ටර් එන්නත 91,619 ක් ලක්ෂයකට ආසන්න පිරිසක් අරගෙන තිබෙනවා. මේ විදියට දවසකට ලක්ෂයක් වැනි පිරිසකට එන්නත ගියොත් දවස් 10 – 15 ත් ඇතුළත එන්නත ලබා නොගත් සියලූ දෙනාටත් මේ එන්නත ලබා දෙන්න පුළුවන්. එන්නත ගත්තත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කිරීම ඉතා වැදගත්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment