ජනතාව පාරට බැස්සම ඕනෑම බල පෙරේතයෙකුට දාලා යන්න වෙනවා – විමල් වීරවංශ

169

අරගලයේ ඉදිරියෙන්ම  ඉන්නේ හැටනව ලක්‍ෂයේ අය – උදය ගම්මන්පිල

අද රජයට එරෙහි අරගලවල ඉදිරියෙන්ම සිටින්නේ හැට නව ලක්ෂයක් ඡුන්ද දුන්න ජනතාව බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (04) බොරැුල්ලේ පිහිටි ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථාන ශ‍්‍රවණාගාරයේ දී පැවති පක්ෂ 11ක එකමුතුව සහ වෘත්තීය සමිති නායකයන් අතර වූ විශේෂ සාකච්ඡුාව හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.

මේ අමාත්‍ය මණ්ඩලය අකුලාගෙන ගෙදර යෑමේ මානසිකත්වයට  පැමිණීම ම මේ රටේ අරගලයේ යෙදුණු ජනතාවගේ ජයග‍්‍රහණයක්. හැබැයි ඉංග‍්‍රීසියෙන් කියනවා .එද ක්එැ එද කසඑඑකැ. කියලා. ඒක කියන්නේ යමක් ඕනවට වඩා ප‍්‍රමාද වුණොත් එය දුන්න ප‍්‍රමාණය ප‍්‍රමාණවත් වෙන්නේ නෑ. මීට සති දෙකකට කලින් නම් ඕක විසඳුමක් වේවි. මීට මාසෙකට කලින් නම් මුදල් ඇමැතිවරයා පමණක් ඉවත් වීම විසඳුමක් වේවි. සති දෙකකට කලින් නම් ඇමැති මණ්ඩලය ඉවත්වෙලා නව ඇමති මණ්ඩලය කියලා අලූත් මුහුණු සමග අලූත් බලාපොරොත්තු දීම විසඳුමක් වේවි. නමුත් එහි රතු ඉර දැන් පැනලා ඉවරයි. ඇමැති මණ්ඩලය වෙනස් කරලා මේ ප‍්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ. මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසය බින්දුවටම වැටිලා ඉවරයි.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා, තන්හාව අධික කමට බල පෙරේතකම හදාගෙන හිටියට මේ රටේ මහජනයා තමන්ගේ පරමාධිපත්‍ය බලය මහ පාරට ගෙනාවාම ඕන බල පෙරේතයකුට දාලා යන්න වෙනවා කියන එක ඔප්පු කරලා තියෙනවා. නමුත් අපට තියෙනවා වගකීමක්. මේ රට අරාජික වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් ඕන තරම් බාහිර ගිජුලිහිනියන් බලාගෙන ඉන්නවා මේ වෙලාව තමන්ගේ වෙලාව බවට පත් කර ගන්න. ඒ නිසා වගකිවයුතු දේශපාලන පක්‍ෂ, බලවේග හැමෝටම වගකීමක් තිබෙනවා මේ තකතීරු පාලනය වෙනුවට අන්තර්කාලීන දෑහිතකාමී පාලනයක් පිහිටුවලා ඒ පාලනය මගින් මේ රටේ ආර්ථිකය මුහුණදී තිබෙන ඒ වගේම දේශපාලන අස්ථාවරභාවය නැති කරලා මේ රට නිරෝගීව හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් බිහිකරලා මේ රටේ පොදු ජනතාවට තමන් අභිමත පාලනයක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාව සලසා දෙන එක.

මේ රටේ ප‍්‍රගතිශීලී දෑහිතකාමී දේශපාලන බලවේගවල එකමුතුවෙන්  ගොඩනැගෙන සර්වපාක්‍ෂික අනර්තර්කාලීන පාලනයකට අපි යා යුතුයි.

අපි ඉල්ලනවා වැඩ කරන ජනතාවගේ නායකයන්ගෙන් සමාජයේ මේ තියෙන අරාජිකත්වය වර්ධනය කරනවා වෙනුවට ඒ සමාජයට මග පෙන්වන ධජය ඔබේ සුරතට ගන්න කියලා.

එරික් ගාමිණි, ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment