ජනතාව පීඩාවට පත්කරන වෘත්තීය අරගල නතර කර සියලු පාර්ශ්ව අවබෝධයකින් කටයුතු කළ යුතුයි – ජනපති උපදෙස් දෙයි

136

* විද්‍යුත් බස් රථ ධාවනයට ඇති හැකියාව බලන්න

 ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්‍ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා) උපදෙස් දුන්නේය.

 ප‍්‍රවාහන, ප‍්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප‍්‍රගති සමාලෝචන රැුස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබිණ.

 ඉකුත් පාලන කාලයේදී ඇණවුම් කරන ලද දුම්රිය කට්ටල ගණන 160 කි. එම ප‍්‍රමාණයෙන් දැනට දුම්රිය මැදිරි 120 ක් මෙරටට ගෙන්වා ඇති අතර එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛාව 40 කි. මෙතෙක් ධාවනයට එක් නොකළ මැදිරි සියල්ල කඩිනමින් ධාවනයට යොදවන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ධාවනයේ යෙදවිය හැකි එහෙත් ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ අලූත්වැඩියා කර කෙටිදුර ධාවනයට එක්කරන ලෙසත් ග‍්‍රාමීය ජනතාවගේ ප‍්‍රවාහන අවශ්‍යතා එයින් සපුරා ගැනීමට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබිණ.

 සියලූ වෘත්තීය සමිති සහ සේවකයන් සමග මිත‍්‍රශීලීව කටයුතු කිරීමෙන් ප‍්‍රවාහන පද්ධතියේ ඇති ගැටලූ විසඳා ගැනීමට කටයුතු කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාව පීඩාවට පත්කරන වෘත්තීය අරගල නතර කිරීමට සියලූ පාර්ශ්වයන් අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

 ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රය විධිමත්ව පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතුය. තාක්‍ෂණය සහ නීති රීති ක‍්‍රමවත් කිරීමෙන් බලපාන බොහෝ දුෂ්කරතා නිරාකරණය කරගත හැක. එසේම සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංචාරක කලාප ආවරණය වන පරිදි මගී සේවාවක් කි‍්‍රයාත්මක කරන්නැයි ද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

 පවතින සේවක අතිරික්තය බරපතළ ගැටලූවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර කිසිදු සේවකයෙකු ඉවත් නොකොට නිසි පුහුණුවක් ලබාදී ඔවුන්ගේ සේවය ලබාගත හැකි ක‍්‍රමවේද කඩිනමින් සකස් කරන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට කියා සිටියේය.

 අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සහ පාරිසරික ගැටලූ පිළිබඳ අවධානය යොමුකොට ඉදිරියේදී මගී ප‍්‍රවාහනය සඳහා විiුත් බස් රථ 100 ක් ආනයනයට ඇති හැකිාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡුා කෙරිණි. ප‍්‍රවාහන සේවය සම්බන්ධයෙන් ජනතාවගේ මැසිවිලි ගැන අවධානය යොමුකොට ගුණාත්මක ප‍්‍රවාහන සේවාවක් ලබාදීමට සියලූ දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 බස් ගාස්තු වැඩිකොට මගී ජනතාව අපහසුතාවයට පත්කිරීමට රජය සූදානම් නැති බවත් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ඇති ¥ෂණ හා අක‍්‍රමිකතා නතර කිරීමෙන් වර්තමානයේ ප‍්‍රවාහන සේවය මුහුණ දෙන ඇතැම්

 ගැටලූවලට ඒ තුළින් විසඳුම් සොයා ගත හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

 අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, පවිත‍්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඞී.එල්.කේ. ද අල්විස්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඞී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment