ජනතාව පෝලිම්වල තැවෙද්දී මහ දහවල් රථ පෙළපාලි

469

ජනතාව ඉන්ධන, ගෑස් නැතිව පෝලිම්වල තැවෙද්දී අධි ධාරිතා යතුරුපැදි, ඩිෆෙන්ඩර් රථ, සුපිරි රථ පෙරටුකොට ගෙන කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා රථ පෙළපාලියක් පැවැත්වූහ. ඊට පොලිස් ආරක්‍ෂාවද ලබාදී තිබිණි. ‘ප‍්‍රභූ’ බේබිලා කිහිප දෙනකුද ඊට එක්ව සිටි බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

 ජනතාව පෝලිම්වල තැවෙද්දී මහ දහවල් රථ පෙළපාලි

රථ පෙළපාලියට මාදම්පේ ප‍්‍රදේශයේදී මහජන විරෝධය එල්ල විය. සමහර යතුරුපැදි හා රථ ලියාපදිංචි කර නොතිබිණි. දළුව මංසන්ධියේදී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් තම විරෝධය පළකළේ ජනතාව දුෂ්කරතා රැුසකට මුහුණදී සිටින මොහොතක මෙවැනි දේ සඳහා රජයේ වාහන, ඉන්ධන වැයකිරීම නින්දිත ක‍්‍රියාවක් බවයි. නමුත් මහජන විරෝධයද නොතකා පොලිස් ආරක්‍ෂාව සහිතව පිරිස ඉදිරියට ගමන් කරනු දක්නට ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment