ජනතාව බේරාගන්න රට වසාදැමිය යුතුයි

266

‘‘රට සම්පූර්ණ වසා දැමීමකට නොගියොත් කොවිඞ් තෙවැනි රැල්ලෙන් රට බේරගන්න බැරිවෙනවා’’ යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. මන්ත‍්‍රීවරයා මේ බැව් පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12 දා* පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

 ‘‘අද රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන විපක්ෂ නායකතුමාත්, විපක්ෂයේ අපිත් කතා කරන්න ගත්තේ කාටත් කලින්. එහිදී පාලනය කරන්නත්, රට වහන ආකාරය ගැනත් ඒ වගේම එන්නත ගෙන්වීම ගැන අපි කතාකළා. නමුත් ආණ්ඩුව බොහොම මන්දගාමී විදියට තමයි කටයුතු කරමින් සිටියේ. එම නිසා අද රට සම්පූර්ණ අර්බුදයකට ලක්වෙලා. පළමු රැුල්ලේ කටයුතු කළ ආකාරයට යම් දුරකට වෛරසය පාලනය කළා. අද කොහොමවත් බේරගන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ වනවිට රට සම්පූර්ණ වසා දැමීමකට යා යුතුයි. එසේ නැති වුණොත් බේරගන්න බැරි තත්ත්වයට පත්වෙනවා. එහි සම්පූර්ණ වගකීම අපි රජයට තමයි දෙන්නේ. අද වනවිට 100 ට එහා මැරෙනවා. එම සංඛ්‍යාව ගැනත් අපි තුළ සැකයක් තිබෙනවා. මොකද එම සංඛ්‍යාවන් නිවැරැුදි නැති බව අපි දිගින් දිගටම කිව්වා. සංඛ්‍යා ලේඛනවලින් කරන්නේ ජනතාව නොමඟ යැවීමක්. වසංගතයේ වගකීම සෞඛ්‍ය අංශයට ලබාදිය යුතු බව අපි මුලින් කිව්වා. එහි වගකීම් පෙළගස්වා බලන විට රටේ සෞඛ්‍යය අංශයට ලබාදී තිබෙන්නේ ඇටෙන්ඩන් කෙනෙකුගේ වගකීමයි. ප‍්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ වෙනත් වෙනත් අංශවලට. හැබැයි මෙය වෙනස් නොකර ඉදිරියට යන්න බැහැ. එහි මූලික වගකීම සෞඛ්‍ය අංශයට ලබාදිය යුතුයි.

 මේ වනවිට සෞඛ්‍ය ඇමැතිතුමිය අසාර්ථකයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා අසාර්ථකයි. එහි විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් දාලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසාර්ථකයි. මේ තුන් කට්ටුවම අසාර්ථකයි. පළපුරුද්ද නැති සුදුසුකම් නැති අයෙක් පත් කරලා. එහි මුලින් සිටියේ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා. ඔහු ඉවත් කරලා පළපුරුදු නැති අය පත් කර ගත්තා. මේ කාරණා නිසා උවදුරෙන් ගැළවෙන්න අපිට හැකියාවක් නැහැ. මාස හත අටකට කලින් අනිල් ජාසිංහ මහතා සාමාජික විදියට හෝ පත් කරන්න කියලා ඉල්ලා සිටියා. නමුත් කළේ නැහැ. එතුමා කාටවත් ඔළුව නමන්නේ නැතිව රාජකාරිය ඉටුකරන හැටි අපි දැක්කා. කොවිඞ් මර්දන බළකාය සාර්ථකයි කියලා අදටත් පේන්න නැහැ.

 මේ ආණ්ඩුව කිව්වේ ලෝකයේ එන්නත්කරණය අතින් හොඳම රට අපේ රට කියලා. එය පට්ටපල් බොරුවක්. අද එන්නත් දෙකම දී තිබෙන්නේ සීයකට 20% කට අඩු ප‍්‍රමාණයකට. මේ අය හොඳටම කළා කිව්වට 60 ට වැඩි අයට එන්නත ලබා දුන්න නම් මරණ සංඛ්‍යාව අඩු කරගන්න තිබුණා. මුලසිටම ප‍්‍රමුඛතාවක් නැති විදියට නන්නත්තාර එන්නත්කරණයක් තමයි සිදු කරමින් තිබුණේ. චන්න ජයසුමන ඇමැතිවරයා වයස 60 ට වැඩි අයට 50% කට වැඩිය එන්නත් කළා කිව්වට සංඛ්‍යාලේඛනවල අඩු ප‍්‍රමාණයක් තමයි එන්නත් කර තිබෙන්නේ. එමනිසා සංඛ්‍යාලේඛන පිළිබඳව ගැටලූවක් තිබෙනවා. එන්නත් දෙකම ගහපු රටවල් ගත්තම අපේ රට තිබෙන්නේ 80 වැනි ස්ථානයට.

 විපක්ෂයක් විදියට අපි කියනවා අද මැරෙන ප‍්‍රමාණය ඉදිරියට වැඩිවෙන්න පුළුවන්. එහිදී වගකීම මේ ආණ්ඩුව භාරගත යුතුයි. සතිය ගානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොවිඞ් මර්දන කමිටුව හමුවුණත් කිසිම කෙනෙක්ට කතා කරන්න දෙන්නෙ නැහැ. එතුමාගේ අදහස් විතරක් ප‍්‍රකාශ කරනවා විතරයි. එම නිසා වර්තමානයේ සිදුවන සියලූ මරණ වලට රජය වගකිවයුතුයි. මොකද අද ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලන විට අපි සිටින්නේ ඉන්දියාවටත් වඩා තුන්හතර ගුණයකටත් ඉහළින්. වහාම ක‍්‍රමවේදය වෙනස් කළ යුතුයි. අත්දැකීම් සහිත සුදුසු පුද්ගලයන් එම තනතුරුවලට පත්කළ යුතුයි.

 අපි පහුගිය කාලේ දැක්කා රාජපක්ෂ මහත්තුරු බඩුමිල වෙනුවෙන් දුන්නු පොරොන්දු. රුපියල් 100ට දෙනවා කියපු සැමන් එක රුපියල් 380 යි. සීනි කිලෝවක් 165 යි. එය රුපියල් 80 ට දෙනවා කියලා කිව්වේ.ඒ වගේම පරිප්පු රුපියල් 200 යි.එය දෙනවා කිව්වේ රුපියල් 65 ට.

 සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා

 පසුගියදා රජයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා විශේෂ ප‍්‍රකාශයක් කළා. එය කොරෝනා වසංගතය සඳහා තිබෙන එකම විසඳුම එන්නත්කරණය බවයි. ඉතුරු ටික දෙවියන්ට භාර දෙනවා යන ප‍්‍රකාශය. අපි අහන්නේ ඇයි එය මැතිවරණ අවස්ථාවේ නොකිව්වේ. මොකද මේ වෙනවිට දෙවියොත් මේ අය සමග කෝපයෙන් ඉන්නේ. මේ අවස්ථාවේ වසංගතයට එකම විසඳුම එන්නත්කරණය නම් එය විද්‍යානුකූලව සිදුකර තිබෙනවාද බැලිය යුතුයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment