ජනතාව වෙනුවෙන් වැඩ කළ උපයෝගිතා කොමිසමේ සභාපති ජනක ඉවත් කිරීමට අත ඉස්සීම පාපකර්මයක් – ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ)

58

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය අපි ඡන්දය පාවිච්චි කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ (19) පැවැති මාධ්‍ය හමුවක දී ය.

පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා නගර සභා හිටපු මන්ත්‍රීවරුන් නැවතත් වරප්‍රසාද දීමනා සමගින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල කටයුතු කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවක දී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එතුමා ඉවත් කරන්න ප්‍රධාන හේතුව ඔහු සෑම විටම උත්සාහ කළේ පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔහුව ඉවත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන යෝජනාවේ ඔහු විසින් කරන ලද වැරදි හැටියට හඳුන්වන්නේ පාරිභෝගික අයිතිය ආරක්ෂා කරන්න කරපු වැඩ වෙන කිසිම දෙයක් නෙමෙයි. වංචා දූෂණ මොනවත් නෑ. ඒ වගේම ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඔහු විදුලිබල මණ්ඩලයට විරුද්ධව අධිකරණයට ගියා කියලා චෝදනාවක් තියෙනවා. ඔහු අධිකරණයට ගියේ විදුලිබල මණ්ඩලය රටේ සාමාන්‍ය ජනතාව ගසා කන එක නවත්තන්න. එහිදී උපයෝගීතා පරිදි 14 වන වගන්තිය අනුව ඔහුගේ මූලික වගකීම වන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. ඔහු සෑම විටම උත්සාහ කළේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට විදුලි ඒකක ලබාදෙන්න. ඔහු ඊයේ කිව්වා පාරිභෝගික අධිකාරියේ අවසරය නැතුව 68%ක් වැඩි කළා දැන් සියයට තුනක සහනයක් දෙන්නම් කියලා රජය ප්‍රකාශයට පත් කරලා තියනවා. නමුත් ඔහු කියන්නේ විදුලි බිල සියයට 27 කින් අඩු කරන්න පුළුවන් කියලා.

මේ සභාපතිවරයායි ඉවත් කරනවා කියන්නේ ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව ගන්න ක්‍රියා මාර්ගයක් හැටියට. මොකද 2019 ස්වාධීන කොමිෂන් සභා පනත යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ආවත් පසුව 2020 විසිවන සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැති කළා. නමුත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම නිසා 21 වන සංශෝධනය යටතේ නැවත වරක් ස්වාධීන කොමිෂන් සභාවලට නිදහස ව්‍යවස්ථාව අනුව පොතේ හැටියට ලැබුණා. නමුත් අපිට පේනවා තිරය පිටුපස ස්වාධීන කොමිෂන් සභාවලට විශාල බලපෑම් කරනවා. එහිදී පාරිභෝගික අධිකාරිය එක උදාහරණයක් මොකද පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කරපු සභාපතිවරයෙක් ඉන් ඉවත් කරන්න රජය කටයුතු කරනවා.

ඇත්තටම මේ පොහොට්ටු ආන්ඩුවේ ඉතිහාසය දිහා බැලුවම එදා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරන්නත් මෙවැනි යෝජනාවක් ගෙනාවා. දිවිනැගුම පනතේ යම් වගන්ති ව්‍යවස්ථා විරෝධියි කියලා පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනත් ඒ හරහා ඉවත් කළා. මේ ඊළඟ පියවර මා කලින් කිව්වා ස්වාධීන කොමිසම් කියලා පොතේ හැටියට ව්‍යවස්ථාවේ සඳහන් වුණාට තිරය පිටුපස බලපෑම් කරනවා. එම නිසා ස්වාධීන කොමිසම් සභාවලට පත් වෙලා වැඩක් නැහැ. ඉන්න අයට කොන්දක් නැත්නම් අපිට කොන්දක් දෙන්න බැහැ. දැන් බලන්න මැතිවරණ කොමිසමේ හිටපු චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ ඉන්නකම් මැතිවරණ කල් දාන්න වක්‍රාකාරව සහයෝගය දුන්නා. කාලයක් හැංගිලත් හිටියා. රැස්වීම්වලට ආවෙත් නැතුව. කොමිසමේ අනිත් අය කිව්වා සම්පූර්ණ ඝනපූර්ණය නැතුව තීරණ ගන්න බැහැ කියලා. ඒ හැංගිලා හිටපු එකට තමයි ඔය තෑග්ගක් දුන්නේ ආණ්ඩුකාරයා කියලා. දැන් අපිට ඉතාමත් පැහැදිලියි අධිකරණය ගත්තත් එය හෑල්ලු වන විදිහට ක්‍රියා කරනවා. අධිකරණ තීන්දුවක් දුන්නා ඡන්දය තියන්න කියලා. නමුත් ආණ්ඩුව අවශ්‍ය මුදල් ලබා දුන්නේ නැහැ. මොකද ඡන්දයක් තිබුනොත් රජය දන්නවා ඉරණම මොකක්ද කියලා. ව්‍යවස්ථාවේ හැටියට බලයක් දුන්නට තිරය පිටුපස විශාල බලපෑම් අද එල්ල වෙනවා.

අපි උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීම ගැන සමගි ජන බලවේගය අපි විරුද්ධව ඡන්දයක් එදාට පාවිච්චි කරනවා. මොකද ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙක් ප්‍රසිද්ධියේ මෑත ඉතිහාසයේ රාජ්‍ය පාලනය සඳහා සම්බන්ධ වෙලා නෑ. මේ විදුලි බිල අසීමිත ලෙස වැඩි කිරීමේ රහස පසුගිය කාලයේ මේ විදුලි බලමණ්ඩලයේ වෙච්ච සියලු දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් වැය කරපු මුදල කෙටි කාලයක් තුළ ලබාගන්න තමයි අසීමිත ලෙස වැඩි කරල තියෙන්නේ. විදුලිබල මණ්ඩලයේ දූෂණ අක්‍රමිකතා ගැන අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. කෝටි ගානක් පාඩුයි ඒ පාඩුව ලබාගන්න තමයි විදුලි බිල වැඩි කිරීම හරහා කරන්නේ. මම හිතනවා ආණ්ඩුව තුළත් යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා කියලා කටකතා යනවා. නමුත් ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙකුට අත උස්සනවා කියන්නේ විශාල පාපකර්මයක්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment