ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවීමට සජිත් ජනපති  සටනින් ඉවත් වුණා – ඉමිටියාස් බාකීර් මාකාර්

128

ප්‍රජාත්‍රන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින්, ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් විපක්‍ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ජනපති තෝරාපත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ඉවත්වීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර් මහතා “දිවයින”ට ඊයේ (19දා) පැවසීය.

සමගි ජනබලවේගයේ නායකත්වය මෙලෙස නම්‍යශීලීවීම ජනතා හඬට හිස නැමීමක් මෙන්ම ඇවිලෙන ගිනි නිවීමක් ද වන බව සඳහන් කළ ඒ මහතා මෙරට දේශපාලන ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ද ලොව මූල්‍ය ආයතන වෙත පෙන්වා සිටීම තවත් අරමුණක් වූ බවද සඳහන් කළේය.

එමෙන්ම පුද්ගල තීන්දුවලට වඩා ප්‍රතිපත්තිමය තීරණ රජ කරවීමත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කිරීමත් විපක්‍ෂ නායකවරයාගේ ජනපති සටනින් ඉවත්වීම විiාමාන කරන බව පැවසූ බාකීර් මාකාර් මහතා වැඩබලන ජනපතිවරයා හදිසි නීතිය ජනතාවට තර්ජනයක් වන අයුරින් ක්‍රියාත්මක කරවීමත් ඒ හරහා ජනතාව ප්‍රේක්‍ෂකයින් පමණක් කර තිබීමත් සාධාරණ නොවන බවද කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment