ජනතා ඉල්ලීම්වලට ප්‍රතිචාර  දැක්වීම වගකීමක් – ඇමරිකානු තානාපතිනි ජූලි චංග්

248

යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් හා වගකීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසයි.

අරගලකරුවන්ට පහර දී ඉවත් කිරීම සම්බන්ධයෙන් තානාපතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් හා වගකීමක් තිබෙන බවයි.

ඇමරිකානු තානාපතිවරියට අමතරව බි්‍රතාන්‍ය, ජර්මානු, කැනඩා සහ යුරෝපා සංගමයේ තානාපතිවරුන් හා නියෝජිතයන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment