ජනතා ප‍්‍රශ්න කතා කරන්න වහාම මැති සබය කැඳවන්න – ලක්‍ෂ්මන් කිරිඇල්ල

210

රට සහ ජනතාව මුහුණ දී ඇති ප‍්‍රශ්න කතා කොට විසඳුම් සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (03ද) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම ඉල්ලීම කළ අතර එහිදී මෙසේ කියා සිටියේය.

‘‘ජනතාව මුහුණ දී සිටින ප‍්‍රශ්න තිබියදී රජය පාර්ලිමේන්තුව වහලා දැම්මා. හරිනම් පාර්ලිමේන්තුව වැඩි වාර ගණනක් පවත්වන්න ඕනේ. නමුත් අද ප‍්‍රශ්න තියෙනකොට පාර්ලිමේන්තුව වහලා. මොකද පාර්ලිමේන්තුව තිබ්බා නම් විපක්‍ෂය අහන ප‍්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුවට බෑ. ඒ නිසයි පාර්ලිමේන්තුව වැහුවේ. නැතිව වෙන හේතුවක් නෑ. අපි රජයට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. අසාධාරණයට විරුද්ධව කතා කරන්න අපිට තියෙන්නේ පාර්ලිමේන්තුව විතරයි. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න’’

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment