ජනතා විරෝධතාවක් අතරට ආයුධ සන්නද්ධව හමුදාව ඒම අනුමත කරන්නේ නෑ

273

ස්වාධීන පරීක්‍ෂණයක් කරන්න – සරත් ෆොන්සේකා

 පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති ජනතා විරෝධතාවක් අතරට යතුරුපැදි 4ක නැගී ආයුධ සන්නද්ධව හමුදා නිලධාරීන් පැමිණීම තමා අනුමත නොකරන අතර ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටියේය එහිදී මන්තී‍්‍රවරයා මෙසේද සඳහන් කළේය.

 මේ සිද්ධිය ගැන මමත් කලබල වුණා. අපි වීඩියෝ බැලූවා. මේ බයිසිකල්වල නම්බර් ප්ලේට් දෙපැත්තේ ගහලා තිබෙනවා. මේ වගේ උද්ඝෝෂණයක් මැද්දට ආපු එක අපිත් අනුමත කරන්නේ නෑ. ආවද එව්වද කියන එක මට අදාල නෑ. ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න. පොලිස් නිලධාරීන්ට බලයක් තිබෙනවා තමයි. ඒත් නිල ඇඳුමක් ඇඳගෙන ආපු අයට ගැහුවා නම් වැරදියි. හමුදාවේ කෙනෙක් පොලිසියට ගැහුවා නම් ඒකත් වැරදියි. මම ඉන්නේ ගුටි කාපු කෙනාගේ පැත්තේ. කෙහොම වුණත් නිල ඇඳුමක් ඇඳන් ඉන්න කොනාට ගැහුවා නම් වැරදියි. නමුත් අවි ආයුධ අරගෙන ඒ වගේ තැනකට ආපු එක වැරදියි. වෙන කවුරු හරි ඒ ආයුධ අරගෙන පහර දෙන්නත් පුළුවන්. ඒක අනුවණ දෙයක්.

 මේ වගේ දේවල් මම අනුමත කරන්නේ නෑ. මේ වගේ දේවල් අතීතයේ වුණා. යුද්ධයේදී හමුදාවේ අය එල්ටීටීඊ පැත්තට ගිහින් ඒ අය අල්ලාගෙන අපේ අයත් මැරුවා. මේ අය අට පාස් අය. ව්‍යාකූල අවස්ථාවකදී මේ අය කලබල වෙන්න පුළුවන්. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment