ජනනිගෙන් ඉන්දියාවේදී රන් පදක්කමක්

230

ඉන්දියාවේදී ක්‍රියාත්මක 04 වැනි විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්මක් ජයග්‍රහණය කිරීමට ජනනි ධනංජනා සමත් වූවාය. දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් එම දස්කම දැක්වීමට ජනනී සමත් වූ අතර එහිදී ඇය දක්වූ දක්ෂතාව මීටර් 5.1කි.

අදාළ තරගාවලියේදී රන් පදක්කමට අමතරව රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සමිත දුලාන්, මීටර් 400 තරග ඉසව්වෙන් සමන් මදුරංග, මීටර් 1500 ඉසව්වෙන් ප්‍රදීප් සෝමසිරි, මීටර් 100 ඉසව්වෙන් සහ දුර පැනීමේ ඉසව්වෙන් නුවන් බුද්ධික, මීටර් 100 (Dash) ඉසව්වෙන් අනිල් ජයලත් රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වූහ. මීට අමතරව කුමුදු ප්‍රියංකා දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්මක් සහ මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිද්දී මීටර් 100 ඉසව්වෙන් සහ යගුලිය දැමීමේ ඉසව්වෙන් රිදී සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තිසාරා ජයසිංහ සමත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment