ජනපතිගෙන් උපදෙස්; සංචරණ සීමා සඳුදා ලිහිල් වෙයි… 23 දා රෑ සිට 25 දා දක්වා පමණක් යළි සීමා පනවයි…. ඇතැම් කොවිඞ් මරණ දෙපාරක් සටහන් වෙලා

181

එළැඹෙන 21 වැනිදා අලූයම 4.00 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (18 දා* පැවති කොවිඞ් මර්දන විශේෂ කමටුවේදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.
 
 එහෙත් ජුනි මස 23 වැනිදා රාති‍්‍ර 10.00 සිට 25 වැනිදා අලූයම 4.00 දක්වා පමණක් පෙර පරිදි සංචරණ සීමා නැවත කි‍්‍රයාත්මක කරනු ඇත.
 
 සංචරණ සීමා ලිහිල් කළ ද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ද ජනපතිවරයා උපදෙස් දී තිබේ.
 
 ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප‍්‍රධානීන් වගබලා ගත යුතුය. සියලූම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
 
 කොවිඞ් නොවන මරණ පී. සී. ආර්. පරීක්‍ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප‍්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඞ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
 
 ජුනි මස 14 වැනි දා සංචරණ සීමා ඉවත්කිරීමට මින් පෙර තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101 ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වැනිදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ශනයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04 ක කාලසීමාව තුළ සිදුව මරණ සහතික ද නිකුත්කර තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වී ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101 ක් නොව 15 ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ශනයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිවරයා පැවසීය. දත්ත සැපයීමේදී නිවැරැුදි වීම සහ කාලීන වීම, නිවැරැුදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
 මේ වනවිට එන්නත් මිලියන 04කට අධික ප‍්‍රමාණයක් ගෙන්වා තිබේ. ජුලි මස අවම වශයෙන් තවත් එන්නත් මිලියන 04 ක් ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප‍්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛi ප‍්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
 
 අමාත්‍යවරුන් වන පවිත‍්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය අඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, ප‍්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ‍්‍රාමික* මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ති‍්‍රවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප‍්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment