ජනපතිගෙන් සියලු පක්ෂවලට ආරාධනයක්

193

බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළැඹෙන දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සහභාගීවන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.ඩින් ඩියම් පන්නයේ පාලනයකට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක නිරතවුවහොත් හමුදාව සහ හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment