ජනපතිගේ ඇරයුමට සජබ තීරණය ඉක්මනින් දන්වනවා – මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

108

පවතින අර්බුදයන්ට මුහුණදී රට යථා තත්ත්වයට පත්කිරීමට සර්වපාක්ෂික සම්මුතියකට එළඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව කළ ආරාධනාව ලැබුණු බවත් එහිදී පක්ෂය වශයෙන් ගන්නා තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එම ඇරයුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහිලා එකඟතාවලට පිවිසෙන්නේ කවර කරුණුද යන්න ගැන පුළුල්ව සළකා බැලිය යුතුයි. ජනතාව හා රට වෙනුවෙන් එහිලා අපේ ක්‍රියාමාර්ගය ඉදිරියේදී කියනවා යැයි ඔහු කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment