ජනපතිගේ නිවසට ගිනි තැබූ 3 ක් අල්ලයි 2 කට ඇප

123

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට කඩාවැදී ඊට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (01 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදෙනා පිළියන්දල සහ නාරාහේන්පිට ප්‍රදේශවල සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් අවුරුදු 18-22 වයස් සීමාවල පසුවන තරුණයන් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරුවෝ මඩපාත සහ කොළඹ 5 ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ඉකුත් 09 වැනිදා ඇතුළු වී ඊට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධිය වන අවස්ථාවේ තිබූ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් හඳුනාගෙන තිබිණි.

සැකකරුවන් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම සිද්ධියට සම්බන්ධව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

හේමන්ත රන්දුණු සහ ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment