ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද සිට තෙදිනක්

72

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය අද (09දා) පස්වරු 01.00ට ආරම්භ කෙරේ.

ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි. ඊට අමතරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් ලබාදෙන ලෙස පක්ෂ නායකයන් රැසක් ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

මෙම විවාදය අද (09දා), හෙට (10දා) සහ අනිද්දා (11දා) යන තෙදින පැවැත්වෙයි.

මේ අතර අයවැය සංශෝධිත පනත් කෙටුම්පත (2022) අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment