ජනපතිගේ වැඩ බලන්න රාජ්‍ය ඇමැතිවරු පහක්

531


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා
ඇත.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්
වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස
රංජිත් සියඹලාපිටිය මහතාත් වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල
ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ මහත්මියත් වැඩබලන තාක්ෂණ
අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත් වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා
ලෙස දිලුම් අමුණුගම මහතාත් පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment