ජනපතිට කලින් සජිත් කතා කරයි… ජනතාව මුහුණදෙන බරපතල ගැටලු 6 කට ජනපති ස්ථිර විසඳුම් ලබාදිය යුතුයි

219

අකිත පෙරේරා
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප‍්‍රකාශයෙන් ජනතාව මේ වන විට මුහුණපා සිටින බරපතළ ප‍්‍රශ්න 06කට වහාම විසඳුම් බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (25 දා* පෙරවරුවේ පැවසීය.
 
 ජනාධිපතිවරයා ඊයේ රාතී‍්‍ර සිය විශේෂ ප‍්‍රකාශය සිදු කිරීමට පෙර ඊයේ පෙරවරුවේ විශේෂ ප‍්‍රකාශයක් කළ විපක්ෂනායකවරයා පහත කරුණු 06ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය.
 
 තෙල් මිල ඉහළයෑම, රසායනික පොහොර භාවිතය තහනම, පර්ල් එක්ස්ප‍්‍රස් නැවේ හානිය, ඔන්ලයින් අධ්‍යාපනය, කොවිඞ් මර්දන වැඩපිළිවෙළ, මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට කි‍්‍රයා කිරීම යන වර්තමානයේ පවතින බරපතළ ගැටලූ හය පිළිබඳව දැඩිව අවධානය යොමු කරන ලෙස ද හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
 
 ‘‘එම හයට ස්ථිරසාර සත්‍යවාදී විසඳුම් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ මේ රජයෙන් ඔබලා මෙතෙක් ක‍්‍රියාත්මක කරපු ක‍්‍රියාදාමය අසාර්ථක බවට කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා පිළිඅරගෙන හමාරයි’’ යනුවෙන්ද එහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

—————————

අකිත පෙරේරා
 
 ලැබුණු ජනවරම තමන්ගේ ජීවිතවලටත් වැඩිය ආරක්ෂා කරගෙන ජනතාවගේ දැවෙන බරපතළ ප‍්‍රශ්නවලට කරුණාකර තිරසාර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (25 දා* විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවසීය.
 
 එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
 තෙල් මිල වැඩි කිරීමෙන්
 සියලූ දෙනාම පීඩනයට ලක්වෙලා
 
 විශේෂයෙන්ම මේ රටේ සමස්ත ජනයා මුහුණදෙන බරපතළ ගැටලූ 6කට විසඳුම් ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම තෙල් මිල ඉහළ යෑම තුළ මේ රටේ ජන සමාජයේ සමස්තයක් හැටියට සියලූම දෙනා අන්ත අසරණ භාවයට පත්වෙලා තිබෙනවා. ජන සමාජයේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා තෙල් මිල ඉහළ යෑම තුළ පීඩනයට, අසහනයට, අසරණභාවයට පත්වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයෙන් නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහළ දමන්නට කටයුතු කරයි කියන කාරණාව.
 
 කාබනික පොහොර තීරණයෙන් ගොවි ජනතාව අසරණ වෙලා
 
 ඒ වගේම මුළු රටම දන්නා කාරණාවක් පොහොර භාවිතය වෙනස් කිරීම තුළ ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට ප‍්‍රවේශ වීම තුළ අද අපේ රටේ ගොවි ජනතාව ඉමහත් අසරණ භාවයකට පත් වෙලා සිටිනවා. තනි තීන්දුවක් හැටියට ක්ෂණිකව ගත්තු මේ අදහස තුළ අපේ රටේ ගොවියා අනාථ වෙලා තිබෙනවා. පොහොර නොමැතිව අද සමස්තයක් හැටියට සියලූම වගාවන් කරන ගොවීන් අසරණ වෙලා. අපි බලාපොරොත්තු වෙනවා අද ජනාධිපති තුමාගේ ප‍්‍රකාශයෙන් මේ පොහොර භාවිතය, මේ වෙනස් කිරීම සැලසුම් සහගතව, ක‍්‍රමිකව, යම්කිසි ස්ථිර වැඩපිළිවෙළක් තුළ ක‍්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා මේ කන්නෙත් ඉදිරි කන්නවලත් හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප‍්‍රතිඥාවක් ලබා දෙයි කියන එක.
 
 නෞකාව නිසා අසරණ වූ ධීවරයන්ට සහනාධාර වැඩපිළිවෙළක් හදන්න
 
 ඒ වගේම එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ විනාශය තුළ අපේ රටේ සමස්තයක් හැටියට ධීවර ජනතාව අසරණ භාවයට පත්වෙලා සිටිනවා. කවුරුත් නොසිතූ ආකාරයේ විශාල පරිසර හානියක් සිද්ධ වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශය තුළ සොච්චමක සහනාධාරයකට මේ රටේ ධීවර ජනතාව තක්සේරු කරන්නේ නැතුව ඔවුන්ට මේ සිදු වුණු හානිය තුළ රජයේ මැදිහත්වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියලා. ඒ වගේම විනාශ වුණු පරිසර පද්ධතිය නැවතත් වරක් සංරක්ෂණය කරන්නට, ආරක්ෂා කරන්නට තිරසර වැඩසටහනක් අද රටේ ජනතාවට ඉදිරිපත් කරයි කියන අපේක්ෂාව අපි තුළත් සමස්ත රටේ ජනතාව තුළත් මේ අවස්ථාවේ තිබෙනවා.
 
 දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ
 වහා අවධානය යොමුකරන්න
 
 ඒ වගේම මාර්ගගත අධ්‍යාපනය අද පාසල් යන සිසු දූ දරුවන්ට ඒ වගේම ගුරුභවතුන්ට බරපතළ ගැටලූවක් වෙලා තිබෙනවා. සමහර අපේ දූ දරුවන් කඳු සොයා ගෙන යනවා සංඥා නොමැතිකම තුළ. බොහෝ දූ දරුවන්ට ඒ අවශ්‍ය උපකරණ නෑ. ටැබ් යන්ත‍්‍ර නෑ. පරිගණක යන්ත‍්‍ර නෑ. ඒ වගේම ස්මාර්ට් ෆෝන් නෑ. මේ ප‍්‍රශ්නයට වහාම රජය අවධානය යොමු කරලා අනවශ්‍ය වියදම්වලට මුදල් වෙන් කරන්නේ නැතුව මේ රටේ මාර්ගගත අධ්‍යාපන ප‍්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් විසඳුම් ලබාදෙයි කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment