ජනපතිට තහනම් නියෝගයක් නිකුත් කිරීමේ පෙත්සම කඩිනමින් විභාගයට

908

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර ඇත.

අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ජුලි මස 25 වැනිදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment