ජනපතිට – මැතිසබයට තව වසර 2ක් ගන්න: අලුත් යෝජනාවක් ඩයනා කියයි

269

කොවිඩ් අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට අහිමි වූ වසර දෙකක නිල කාලය දීර්ඝ කර ගැනීමට ඉදිරියේදී විශේෂ යෝජනාවක් ගෙන එන බව මන්ත‍්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කීවාය.

අදාළ යෝජනාව තුනෙන් දෙකක බහුතර බලයෙන් සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන බව කී මන්ත‍්‍රීවරිය ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ජනතාව අපේක්‍ෂා කළ සේවය එම වසර දෙකද ඇතුළුව ඉදිරි වසර පහ තුළ සිදුකරන බවද කියා සිටියාය. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ කොවිඩ් හේතුවෙන් ෆේල් වීමට ඉඩ දිය නොහැකි බවත් සමස්ත ආණ්ඩුව සාමුහිකව ක‍්‍රියාකර ජනතාවට ජයග‍්‍රහණ අත්කරදීමට කැපවන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මන්ත‍්‍රීවරිය අදාළ ප‍්‍රකාශය සිදුකරනවිට ආණ්ඩුපක්ෂයේ මැති ඇමැතිවරු සිය මේසවලට ගසමින් ඔවුන්ගේද සහාය ඊට හිමිවන බවට සඳහන් කළහ.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment