ජනපතිට හා රජයට වහා ඉවත්වන්නැයි ගාලුකොටු පවුර මතදී විරෝධතා  

74

ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30 දා) ගාලුකොටුපවුර මතදී විරෝධතාවක නිරතවුහ.

මෙහිදි යුද හමුදාව හා පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත්කිරීමට යෑමේ දී උණුසුම් තත්වයක් ඇතිවිය. විරෝධතාකරුවකුගේ අත තිබු පොස්ටර්යක් ඉරාදැමීමට උත්සාහ කළ බව විරෝධතාකරුවෝ පවසති. ගාලුකොටුපවුර යනු ඕනෑම පුද්ගලයකුට නිදහසේ ප්‍රවේශවීමට ඇති ස්ථානයක් බවත් පුද්ගලයකුගේ අදහස් ප්‍රකාශ කිරීමට බාධා කිරීමට පොලිසියට හෝ යුද හමුදාවට අයිතියක් නොමැති බැව් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජී. එච්. අජිත් කුමාර මහතා පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment