ජනපතිවරණය කල් දමයිදැයි ජනතාවට සැකයි- ජී. එල්. පීරිස්

47

ජනමත විමසුමකින් පාර්ලිමේන්තුවේ 2/3 න්

ජනාධිපතිවරණය සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 16ත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, එසේ වුවත් ජනමත විචාරණයකින් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සම්මතයකින් ජනාධිපතිවරණය කල් දමයිදැයි ජනතාව තුළ සාධාරණ සැකයක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

නිසි කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් බවත් එය විනාශ කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, ‘රට බංකොලොත්’ මැයෙන් පෙරේදා (29දා) කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පීරිස් මහතා කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් දරන උත්සාහයට විරුද්ධ වන බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් බවත් හෙතෙම කීය.

නීතිපතිවරයාගේ සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව විසින් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කළ බවත් එමගින් නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවත් කී, පීරිස් මහතා රට බංකොලොත්භාවයට පත්වීමට ප්‍රධාන හේතුව වංචා හා දූෂණ බව අයි. එම්. එෆ්. නියෝජිතයන් පවා ප්‍රකාශ කර ඇති බවත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment