ජනපති අගමැති ඇතුළු 18කට ජාත්‍යන්තර සම්බාධක පනවන්න – බි‍්‍රතාන්‍ය මන්තී‍්‍ර කණ්ඩායමක් ඉල්ලති

381

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු යුද නාවික සහ පොලිස් නිලධාරීන් 18කට ජාත්‍යන්තර සම්බාධක පනවන ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමක් බි‍්‍රතාන්‍යය රජයෙන් ඉල්ලා ඇත.

එම පාර්ලිමේන්තු කණ්ඩායමේ ප‍්‍රධානි එලියට් කොල්බර්න් විසින් මෙම ඉල්ලීම කර තිබේ. සම්බාධක පනවන ලෙසට නම් කර ඇති ලැයිස්තුවක් ද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එම නාමලේඛනය මෙසේය.

ජනරාල් සරත් ෆොන්සේකා, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සත්‍යපි‍්‍රය ලියනගේ, කමල් ගුණරත්න, මහින්ද සතුරුසිංහ, නන්ද මල්ලවාරච්චි, ජගත් ජයස්, ජගත් ජයසූරිය, ප‍්‍රසන්න සිල්වා, නන්දන උඩවත්ත, චාගි ගාල්ලගේ, ජී. ඞී. රවිපි‍්‍රය, වසන්ත

කරන්නාගොඩ, අද්මිරාල් තිසර රණසිංහ, සෝමතිලක දිසානායක සහ ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානි සී. එස්. වාකිෂ්ට මෙම ඉල්ලීමට කොටි ඩයස්පෝරා සංවිධාන නවයක් ද සහය දක්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment