ජනපති – අගමැති ධුරවලට නම් වැලක්

947

● අනුර කුමාරගේ නම ඉදිරියෙන්

● අරගලයේ බහුතරයක කැමැත්ත ෆොන්සේකාට

අන්තර්කාලීන රජයේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධුර සඳහා නම්  ගණනාවක් මේ වනවිට යෝජනා වී ඇත.

මෙසේ යෝජනා වී ඇති නම් අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම ඉදිරියෙන්ම සඳහන් වී තිබේ.

සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ද මේ වනවිට යෝජනා වී ඇත. ජන අරගලයට සම්බන්ධ වී සිටින බහුතරයක් ද ෆොන්සේකා මහතාට නායකත්වයක් ලබාදීමට කැමැත්ත පළකර සිටින බව වාර්තා වෙයි.

මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ද ජනාධිපති හෝ අග්‍රාමාත්‍ය ධුරයන් සඳහා යෝජනා වී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති ධුරය සඳහා පත්කිරීමට සුදුසු බවට මන්ත්‍රීවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබෙන බව ද වාර්තා වෙයි.

මේ අතර පොදුජන පෙරමුණ පක්‍ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද මෙම ධුරයන් සඳහා පත්කිරීමට මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් වී සිටිති.

හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති ධුරය සඳහා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් සියලු පක්‍ෂ නායකයන්ගේ රැස්වීමේදී ඔවුන්ගේ බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයා පත් කිරීම සිදුකෙරෙනු ඇත.

පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් අනතුරුව බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදුවනු ඇත.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment