ජනපති – අගමැති නිවාස අඩස්සියේ අපි පාර්ලිමේන්තු අඩස්සියේ – සුසිල් ප්‍රේමජයන්ත

458

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත – අලි සබ්රි මහතා මීට වසර දෙකකට පෙර මුදල් ඇමැති වුණා නම් ඊයේ මේ වගේ කතාවක් කරන්න වෙන්නෙ නැහැ. නිවැරැදි පුද්ගලයන්ට තනතුරු දුන්නේ නැහැ. එයයි මේ ප්‍රශ්නවලට හේතුව.

අපේ රට සහලින් ස්වයංපෝෂිත වුණේ 1965 යුගයේ. 1970 ආණ්ඩුව රාජ්‍ය ආයතන ඇති කළා. තෙල් සංස්ථාව පාඩු ලැබුවේ හෙජිං ගිවිසුමෙන් පස්සෙයි. එතෙක් ලාබ ලැබුවා.

අප විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය කළේ නැහැ. අද නීතිඥ සංගමය වැදගත් යෝජනා ඉදිරිපත් කර තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න.

විදේශ රටවල අවශ්‍ය සහාය ලබාගත යුතුයි. ඒ සඳහා රටවල් මිත්‍ර කරගත යුතුයි. අර්බුදයට විසඳුම පැය ගණන් කතාකිරීම නොවෙයි. ජනාධිපති, අගමැති නිවාස අඩස්සියේ, අපි පාර්ලිමේන්තු අඩස්සියේ. ඒ නිසා බුද්ධිමත් පිරිසක් එක්කර කැබිනට් එකක් හදන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment