ජනපති අමරපුර මහා නිකායේ අභිනව මහ නාහිමියන් බැහැදකී

228

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි හිමියෝ බැහැදුටුවේය. උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්‍යස්ථානය වෙත පෙරේදා (05 දා* ගිය ජනාධිපතිවරයා අභිනව මහ නාහිමියන්ට සුභාශිංසන පුද කළේය. ශාසනික, ආගමික හා ජාතික වශයෙන් අමරපුර මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිවරයා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යෑමට තමාගේත්, රජයේත් පූර්ණ සහය ලබාදෙන බව පැවසීය.

 මහනායක හිමියන්ට චිර ජීවනය ප‍්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විශේෂ සටහනක් තබමින් සමරු සටහන් පොතේ අත්සන් තැබීය. ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරත ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment