ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදාවේ පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

330

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් රැසකට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය සහ බි‍්‍රතාන්‍ය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇතැයි ස්කොට්ලන්තයේ හෙරල්ඞ් පුවත්පත අනාවරණය කර ඇත.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ග්ලෝබල් රයිට්ස් කම්ප්ලයින්ස් නමැති රාජ්‍ය නොවන සංවිධානයයි. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම ග්ලාස්ගෝ නුවරට පැමිණීමත් සමගම ස්කොට්ලන්ත පොලිසියේ වගකීම වන්නේ අපරාධවලට සම්බන්ධ වුවන් ඔවුන් අතර සිටින්නේද යන්න ගැන පරීක්‍ෂණ කිරීම බවද එම පුවත්පත කියා සිටී. ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂකවරිය වෙත මෙම පැමිණිල්ල කර ඇත. මේ ගැන ජාත්‍යන්තර පොලිසිය හෝ බි‍්‍රතාන්‍ය මෙට්රෝ පොලිටන් පොලිසිය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment