ජනපති ඇහැළේපොළ වලව්වේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි

193

වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.

බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේදී සිර මැදිරියක් හා පසුකාලීනව රිමාන්ඞ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, පුරාවිiා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ සංවර්ධනය කෙරිණි. ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදුකර තිබෙන අතර එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment