ජනපති ඊයේ මැති සබයට එයි

303

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවට පැමිණ තමාට හිමි අටවැනි ආසනයේ සුළු වේලාවක් අසුන්ගෙන සිට පසුව නික්ම ගියේය.

ජනාධිපතිවරයා සභාවට පැමිණෙන විට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු ජයවේවා යැයි කියමින් සිය මේසවලට තට්ටු කරමින් සතුට පළ කළහ.

මන්ත‍්‍රීවරුන් එසේ ශබ්ද නැ`ගීමේදී නිශ්ශබ්ද වන ලෙස දෙවරක් ඉල්ලා සිටීමට කථානායකවරයාට සිදුවිය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භවී සුළු මොහොතකින් ජනාධිපතිවරයා සභාවට පැමිණ අසුන් ගන්නා අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එදිනට නියමිත විෂයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment