ජනපති එයි – බැසිල් යයි

403

සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) මධ්‍යම රාත‍්‍රී ආපසු පැමිණ තිබේ .

ජනපති සමග තවත් 05 දෙනෙකු මෙම සංචාරය සදහා එක් වී සිටියහ .

මෙම පිරිස ඊයේ රාත‍්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මේ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද අළුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඒ මහතා පිටත්ව ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment