ජනපති එහෙම නම් අපි ජනතාවට කරුණු කියනවා – වාසුලා කියති

433

එල් එන් ජී ගිවිසුම අත්සන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡුා කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක නායකයන් තීරණය කර ඇත.

එල් එන් ජී ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක් ඉල්ලා සිටි බවත් එයට අවස්ථාව ලබාදිය නොහැකි යැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති නිසා මෙම කරුණු සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡුා කිරීමට තීරණය කළ බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

ඇමෙරිකානු සමාගමට එල් එන් ජී බලාගාරය ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුමට තම කණ්ඩායම විරුද්ධ බවත්, දේශපාලන බලය මත සියල්ල රඳාපවතින්නේ නැති බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment