ජනපති කන්දකාඩු ගැන අහයි

110


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් පළා යාමෙි සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවයි.

ඊජිප්තු නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති වික්‍රමසිංහ මහතා අදාළ සිද්ධිය සැලවීමත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment