ජනපති කාර්යාලයට අරලියගහ මැඳුරට හා පාර්ලිමේන්තුවට දැඩි රැකවල්

315

ජනපති කාර්යාලය, ජනපති නිවස, අරලියගහ මැඳුර සහ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.

පසුගියදා විරෝධතා ඇති වන අවස්ථාවේ මේ ආරක්ෂක ස්ථාන රැක ගැනීමේ නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොවී තිබූ බව ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවලදී හෙළි වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ මෙහෙයවීම මත මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙයි.

මේ අතර යුද හමුදාවේ මෙහෙයුම් මණ්ඩලය කි‍්‍රයාත්මක කරන ආරක්ෂක මෙහෙයුම්වලට මැදිහත් නොවන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පති වෙත දන්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment