ජනපති කැඳවූ සර්ව පාක්‍ෂික සමුළුවට ප්‍රධාන පක්‍ෂ කිහිපයක් නෑ

178

‘13’ බලගන්වන්නත් යෝජනා කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබූ සර්ව පාක්‍ෂික සමුළුවට ප්‍රධාන පක්‍ෂ කිහිපයක්ම සහභාගි නොවූහ.

සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, උත්තර සභාව මෙන්ම ජාතික ජනබලවේගයද මෙම සර්ව පාක්‍ෂික සමුළුවට පැමිණ සිටියේ නැත.

සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා කැඳවා තිබූ මෙම සර්ව පාක්‍ෂික සමුළුවට දෙමළ ජාතික සන්ධානය සහභාගි වී සිටියද ප්ලොට් සහ ටෙලෝ යන පක්‍ෂවල නියෝජිතයෝ සහභාගි නොවූහ.

සර්ව පාක්‍ෂික සමුළුවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා සඳහන් කළේ 13 වැනි ව්‍යවස්ථාව බලගන්වා ඉඩම් නිදහස් කිරීම ඇතුළු හිමිකම් ස්ථාපනය කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකුම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම ක්‍රියාත්මක නොකළේ ඉන් රට බෙදෙන නිසා බවයි.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment